Monday, October 28, 2024
Follow Us
දුප්පතුන්ගේ වකුගඩු ගලවන අලුත්ම ජාවාරම

ගවේෂණයක නිරත වූ උකුස්සාට හසුවූ දේ


කුඩු ජාවාරම තරමටම දැවැන්ත ජාවාරමක් ලෙස මේ වනවිට මෙරට වකුගඩු ජාවාරම ව්‍යාප්ත වෙමින් පවතී.

වකුගඩුවක් දන්දීමේදී අනුගමනය කළයුතු මූලික කරුණු කිහිපයක් පවතින අතර වකුගඩු අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවකි.

එවැනි පසුබිමක දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටින පවුල්වල පිරිස් සහ කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ඉලක්ක කරගෙන ඔවුන්ට මුදල් දී වකුගඩු ලබාගෙන වෙනත් පුද්ගලයින් වෙත අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු ආනාවරණය කරගැනීමට “අද දෙරණ උකුස්සා” සමත්විය.

ඒ අනුව ගවේෂණයක නිරත වූ උකුස්සාට වකුගඩු අලෙවි කළ පුද්ගලයන් කිහිපදෙනෙකු සොයාගත හැකි වූ අතර එම පිරිසේ 26 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු ද සිටී.

අපකළ සොයාබැලීමේදී අනාවරණය වූයේ රාජගිරියේ පිහිටි පෞද්ගලික රෝහලකදී ඔවුන්ගෙන් ලබාගන්නා වකුගඩු බද්ධ කිරීම ද සිදුකෙරෙන බවය.

අදාළ රෝහලේදී වකුගඩු ලබාදෙන පුද්ගලයන්ට අසත්‍ය පවසන ලෙස ඔවුන්ට දැනුම්දී ඇත්තේ එහි සේවිකාවන් විසිනි.

වකුගඩුවක් දන්දීමේ දී ග්‍රාමසේවා සහතික ලබාගතයුතු පසුබිමක රෝහලේ පිරිසක් ඇතුළු තැරැව්කරුවන් පිරිසක් එක්ව ව්‍යාජ සහතික සැකසීම ද මෙහිදී සිදුකර ඇති බව අපවෙත වාර්තා විය.

එමෙන්ම මෙරට තුළදී විදේශීකයන්ට වකුගඩු බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් වුවද රාජගිරියේ අදාළ පෞද්ගලික රෝහල තුළදී විදේශිකයෙකුට ද වකුගඩු බද්ධ කර ඇති බවට අපගේ සොයාබැලීමේදී තොරතුරු හෙළිවිය.

මේ අතර වකුගඩුවක් සඳහා රුපියල් ලක්ෂ 120 සිට ලක්ෂ 50 දක්වා මුදල් ලබාදෙන බව පැවසුවද මොවුන්ට පොරොන්දු වූ පරිදි මුදල් ලබාදී නොමැති බව ද වකුගඩු ලබාදුන් පුද්ගලයින් පවසයි.

මෙහි තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳව සහ ඊට අදාළ තවත් තොරතුරු රැසක් අප සතුව පවතී.

ඒ තොරතුරු හෙට (22) රාත්‍රී 6.55ට රට හමුවේ අනාවරණ කිරීම අද දෙරණ උකුස්සා සූදානමින් සිටී.

 

Aruna