Monday, October 28, 2024
Follow Us
කටුගස්තොටට පැය හයක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ලබන 24 වන බ්‍රහස්පතින්දා පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව 24 වන බ්‍රහස්පතින්දා පෙරවරු අටේ සිට පස්වරු දෙක දක්වා කහවත්ත, තෙලඹුගහ වත්ත සහ කුරුගොඩ යන ජලාශවලින් ආවරණය වන ප්‍රදේශවලට ජල සැපයුම එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කටුගස්තොට විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.

Neth