Monday, October 28, 2024
Follow Us
දැවිතෙල් මිලත් ඉහළට

මිල ගණන් මෙන්න


ඉන්ධනහල් වල කාලයක සිට පවතින භූමි තෙල් හිඟයක් සමගම දැවි තෙල් වලට මේ වන විට දැඩි ඉල්ලුමක් පවතී.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඉන්ධනහල් වලට දීර්ඝ කාලයක සිට භූමිතෙල් නොලැබීම හේතුවෙන් විවිධ නිෂ්පාදන කරුවන් මෙන්ම වාහන පිරිසිදු කිරීමේ සේවා මධ්‍යස්ථාන මෙන්ම ගරාජ් හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.

දැනට මාස 6කට පමණ කාලයක සිට භූමිතෙල් තම ඉන්ධනහල් වෙත නොලැබුණ බව බණ්ඩාරගම, හොරණ හා පානදුර ඉන්ධනහල් හිමියෝ කියති.

ගෘහස්ථ ගෑස් වෙළෙඳ පොළේ හිඟතාවයක් ඇතිවූ දින වලද භූමිතෙල් වලට දැඩි ඉල්ලුමක් ද පැවතිණි.

වෙළඳපොලේ භූමිතෙල් හිඟතාවයක් ඇතිවීම හේතුවෙන් විවිධ බයිට් වර්ග බුන්ජි ආදී විවිධ ආහාර නිශ්පාදන කරුවන් මෙන්ම කුඩා කර්මාන්තකරුවන් මෙන්ම බහුතරයක් පාරිභෝගිකයන් විකල්ප මාර්ග වලට යොමු වී ඇතැයි ඉන්ධනහල් හිමියෝ කියති.

ඇතැම් දෙනා මේ වන විටත් භූමි තෙල් වලට විකල්පයක් ලෙස දැවි තෙල් වාහන පිරිසිදු කිරිමේ සේවා මධ්‍යස්ථාන වලින් සහ ගරාජ් වලින් ලබා ගැනීමට පුරුදු වී ඇති අතර ඒ හේතුවෙන් දැවි තෙල් ලිටර් විස්සක් රුපියල් පන්දහසක් වැනි ඉහල මිලකට අලෙවි කිරීමට එම ව්‍යාපාරිකයෝ ද කටයුතු කරන බව පාරිභෝගිකයෝ පවසති.

Aruna