Monday, October 28, 2024
Follow Us
තිලිණි උඩ ගියේ නිවේදිකාවගේ කටින්

නව නිවාස ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක වංචා කරලා – CID


තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය විසින් නව නිවාස ලබාදෙන බව පවසා සිදුකර ඇති රුපියල් කෝටි ගණනක වංචාවක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ පවත්වාගෙන ගිය තිකෝ කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනය මගින් විවිධ ප්‍රදේශවල ඉදිකරන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබාදෙන බව පවසා පුද්ගලයන් රවටමින් මෙම වංචාව තිලිණි ප්‍රියමාලි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

එම ආයතනයට සම්බන්ධ හිටපු රූපවාහිණී නිවේදිකාවක විසින් දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබෙන බවත්, ඒ මගින් විශාල පිරිසක් තිලිණිගේ වංචාවන්ට ගොදුරු වී තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

‘‘රුපියල් ලක්ෂ 350 ක පමණ නිවසක් රුපියල් ලක්ෂ 140 කට දෙනවා කියලා ප්‍රචාරය කරනවා. නාගරික පරිසරයක අඩු මුදලකට නිවාස ඒකකයක් මිලදී ගැනීම හැකිවීම නිසා එය වෙන් කරවා ගැනීමට ලක්ෂ ගණනින් අත්තිකාරම් මුදල් ලබාදෙනවා. අන්තිමට සල්ලිත් නැහැ, ගෙවලුත් නැහැ. තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පිරිස මෙම වංචාවන් ඉතා සූක්ෂම ලෙස කර තිබෙනවා’’ යැයි විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

Aruna