Monday, October 28, 2024
Follow Us
රජයේ රෝහල්වල ලෙඩ්ඩු බලන අලුත්ම විදිහ

රෝගීන්ගෙන් චෝදනාවක්


ඇතැම් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් රෝගීන් සමීපව පරික්ෂා කර නිර්දේශ ලබා නොදෙන බව ‘අරුණ’ කළ නිරීක්ෂණයකදී අනාවරණය විය.

එහෙත් එම වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවලදී රෝගීන් තමා අසලටම කැඳවා පරික්ෂා කර ප්‍රතිකාර කරයි.

සාමාන්‍ය ක්‍රමවේදය අනුව වෛද්‍යවරයකුගේ වගකීම විය යුත්තේ රෝගියකු අසලට ගොස් වෙද නළාව තබා පරික්ෂා කිරීමයි.

එහෙත් රජයේ රෝහල්වල හා පෞද්ගලික රෝහල්වල එම ක්‍රමවේදය දෙයාකාරයකට ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල වෙත රෝගීන් පැමිණෙන්නේ ළය ආශ්‍රිතව ප්‍රතිකාර ලබා ගැනීමටය. එහිදී රෝගියා පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරයකු අනිවාර්යෙන්ම වෙද නළාව භාවිත කළ යුතුය.

නමුත්, එම රෝහලේ ද සිදු වන්නේ අප ඉහතදී පෙන්වා දුන් අකාරයට රෝගීන් දුරස්ථව තබා වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ලක්ෂණ විමසා බලා ප්‍රතිකාර ලබාදීමයි. මෙම ක්‍රමවේදයම කොළඹ ජාතික රෝහලේ ද සිදු වන බවට රෝගීහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ යම් රෝහලක එලෙස සිදු වන්නේ නම් එය බරපතළ වරදක් බවත් ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කරන බවත්ය.

Aruna