Monday, October 28, 2024
Follow Us
ඉයෝන් ලංකා ලොක්කාගේ වංචාව කෝටි 995 යි

ඉයෝන් ලංකා ආයතනයේ හිමිකරු විසින් රුපියල් කෝටි නවසිය අනූ එකක මුදලක් වංචා කොට ඇති බවට අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා ගනුදෙනුකරුවන්ගේ සුබසාධන සංවිධානය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කොට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර දෙකකට පෙර මෙම ආයතනයට මුද්‍රා තබන ලදී.

කුරුණෑගල පවත්වා ගෙන ගොස් ඇති ඉයෝන් ලංකා නමැති ආයතනය තුළ ත්‍රිවිධ හමුදා හා පොලිසියේ විශ්‍රාමිකයන් විශාල පිරිසක් 2013 වසරේ සිට 2020 වසර දක්වා මුදල් තැන්පත් කර තිබේ.

2020.07.10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන මුද්‍රා තැබීමෙන් පසුව එහි හිමිකරු තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි නවසිය අනූඑකක මුදලක් වංචා කොට ඇති බවට පොලිස්පතිවරයා හට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම මුදල් අහිමි වී ඇති පුද්ගලයන් විසින්ම අසාධාරණට ලක්වූ ඉයෝන් ලංකා ගනුදෙනුකරුවන්ගේ සංවිධානය පිහිටුවා ඇති බව එහි ලේකම් යුද හමුදා විශ්‍රාමික බී. ආර්. දිසානායක මහතා පැවසීය.

මාසිකව සියයට හයක පොලියක් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් එසේ මුදල් තැන්පත් කළ බව ද ඒ මහතා කීයා සිටී.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොලිස්පතිවරයා වෙත එසේ පැමිණිලි කොට ඇත.

MIrror