Monday, October 28, 2024
Follow Us
සූර්ය පැනල ව්‍යාපෘතිය ගැන අස්ගිරි පාර්ශ්වය කතා කරයි

විහාරස්ථාන සදහා සූර්ය පැනල ලබා දෙන බවට රජය මගින් ප්‍රකාශ කළද ඒ පිළිබද නිශ්චිත ක්‍රමවේදයක් රජය විසින් හදුන්වාදී නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

ලබන වසර සදහා වන අයවැය යෝජනා මගින් ද විහාරස්ථාන ඇතුළු පූජනීය ස්ථාන සදහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන බවට ප්‍රකාශ කෙරුණා. එහෙත් සියලු පූජනීය ස්ථාන සදහා සූර්ය පැනල ලබාදිය යුතු බවයි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ.

සූර්ය පැනල සවි කළද ඇතැම් ස්ථානවල ඒවායේ ගැටලු පවතින බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Neth