Monday, October 28, 2024
Follow Us
උපාධිධාරීන් 77%ක් රජයේ රැකියා ලාභීන්!

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සියයට 77කට වැඩි පිරිසක් රාජ්‍ය අංශයේ සේවය කරන බව ටෝකියෝ පදනම් කරගත් අධ්‍යයන ආයතනයක් වන Asian Development Bank Institute (ADBI) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

‘ආසියාවේ ඇතුළත් ප්‍රතිසාධනයක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරී ශ්‍රම වෙළඳපොළ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම’ යන මාතෘකාවෙන් යුත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමන්ගේ නිපුණතා වෙළඳපොළේ පවතින වෘත්තීන්ට ගලපාගත නොහැකි සහ නිශ්චිත නිපුණතා නොමැති උපාධිධාරීන් රජයේ රැකියා සඳහා ‘පෝලිම් ගැසීමට’ කැමැත්තක් දක්වන බවයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ සේවකයාගේ ජීවිත කාලය තුළ නිශ්චිත වැටුපක් සහ විශ්‍රාම වැටුපක් ලැබීම මෙන්ම, රැකියා සුරක්ෂිතභාවය, මූල්‍ය සුරක්ෂිතභාවය යන කරුණු පදනම් කරගනිමින් බහුතර උපාධිධාරීහු රජයේ රැකියාවන්ට කැමැත්තක් දක්වති. අනෙක් අතට පෞද්ගලික අංශයේ ‘යහපත් රැකියා අවස්ථා’ ලබා ගැනීමට තරුණයන්ට ඇති නොහැකියාව රාජ්‍ය අංශයේ රැකියා මත යැපීමට හේතු වේ.

මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ රැකියා විරහිත උපාධිධාරීන් සරලව අවශෝෂණය කර ගැනීම සඳහා අඛණ්ඩව රාජ්‍ය අංශයේ රැකියා බෙදා හැරීම නතර කිරීමත්, ඒ වෙනුවට කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය සහතික කිරීම සඳහා දක්ෂ පුද්ගලයන් විධිමත් ලෙස බඳවා ගැනීම කෙරෙහි රජය විසින් අවධානය යොමු කිරීමත් වැදගත් වේ.

Mirror