Monday, October 28, 2024
Follow Us
ඇෆ්ගන් සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තවමත් අමාත්‍යාංශ අනුමැතිය නැහැ!

ඇෆ්ගනිස්තානය සමග මේ මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙයට හේතුව වී ඇත්තේ කණ්ඩායම තේරීම හා එහි අත්සන් තැබීමට තේරීම් කමිටු සභාපති වරයා ලංකාවේ නොමැතිව තිබියදී කණ්ඩායම තේරීමත් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ අවුලක් තිබීමත් ය.

ආසියානු කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා නොමැති වීමත් තවත් එක් ප්‍රධාන හේතුවක් වී ඇත.

වාර්තා වන ආකාරයට එක් ක්‍රීඩකයකුගේ ස්කින්ඩ්ෆෝල්ඩ්ස් 120 ක් පමණ වන අතර විස්සයි විස්සට තෝරා ගැනුණු එම ක්‍රීඩකයා පන්දු වාර 50 තරග සඳහා තෝරා ගනු ලැබූ පදනමද ප්‍රශ්නකාරී වී තිබේ.

ඇෆ්ගන් ජාතික පිලක් ශ්‍රී ලංකාවේ තරග වැදීමට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දෙපිල අතර එක් දින තරග තුනම පැවැත්වෙනුයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේය.

LNW