Monday, October 28, 2024
Follow Us
පාසල් උපකරණවල නව මිල ගණන්

මිල තුන් ගුණයකින් නගී


නව පාසල් වාරයේ පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.

පාසල් උපකරණවල මිල ඉහළ යාම සම්බන්ධව පිටකොටුව ප්‍රදේශයේදී ‘අරුණ’ ඊයේ (16) සොයා බැලීමකදී මේ බව අනාවරණය විය.

පසුගිය වසරෙහි නව පාසල් වාරයේදී අවශ්‍ය උපකරණ ලැයිස්තුව රුපියල් පන්දහසක පමණ මුදලකට ලබාගැනීමට හැකි වුවද මේ වසරෙහි එම මුදල රුපියල් පහළොස් දහස ඉක්මවන බවද අනාවරණය විය.

පිටු අසූවේ කොටුරූල් හා තනිරූල් පොතක් රුපියල් 55ක්ව පැවති මිල මේවනවිට රුපියල් 145කි.
180ට තිබූ චිත්‍ර පොත 270කි.
පිටු අසූවේ සී.ආර්. පොතක් 160 සිට 320 දක්වා මිල වැඩිවී ඇත.
රුපියල් දහයකට තිබූ මකන කැබැල්ලක් රුපියල් 40කි.
චිත්‍ර ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා පැස්ටල් පෙට්ටියක් රුපියල් 70කට තිබූ මිල රුපියල් 195 දකවා වැඩිවී ඇත.
රුපියල් දහයට තිබූ පෑනක මිල රුපියල් 30 දක්වාත්, A-4කොළය රුපියලේ සිට රුපියල් 10 දක්වාත් වැඩිවී ඇත.
පොත්වල පිටු ප්‍රමාණය වෙනස් වන අයුරින් මිලද රුපියල් සියයකට අධික මුදලකින් ඉහළ ගොස් ඇත.
මේ අයුරින් සෑම පාසල් උපකරණයකම මිල ඉහළ ගොස් ඇතිවා සේම එක්දහස් පන්සීයට තිබූ සපත්තු යුගලයක් මේ වනවිට රුපියල් තුන්දහස ඉක්මවා තිබේ.
රුපියල් දහසක පමණ මුදලකට මිලදී ගැනීමට තිබූ පාසල් බෑගයක් තුන් ගුණයකින් මිල ඉහළ ගොස් තිබේ.

 

Aruna