Monday, October 28, 2024
Follow Us
මිල්ලණියේ සිසුන්ට පහර දුන් විදුහල්පතිණිය ඇතුලු තිදෙනාට ඇප

බණ්ඩාරගම මිල්ලණිය ප්‍රදේශයේ පාසැලක සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය අදාළ කර ගනිමින් සමස්ථ ගුරු පද්ධත‘ය දෙස වැරදි ආකාරයෙන් නොබැලිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසනවා.

මේ අතර මිල්ලණිය ප්‍රදේශයේ පාසැලක සිසුන් කිහිපදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පාසැලේ විදුහල්පතිණිය ඇතුලු තිදෙනා ඇප මත නිදහස් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැඟින්වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් නිදහස් කරන ලෙසයි.
නඩුව යළි ජනවාරි 18 වනදා කැඳවීමට ද නියෝග කර තිබෙනවා.

පසුගියදා එම පාසැලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිද්ධියකට එම පාසැලේ සිසුන් කිහිපදෙනෙකුට මෙම පහරදීම සිදුකර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් එම පාසැලේ විදුහල්පතිණියට අමතරව මිල්ලණිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

Neth