Monday, October 28, 2024
Follow Us
ලංකාවේ ගංජා මිටියක මිල

ගංජා ගැන දුන් අවසරයට සතුටු වෙයි


වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද(16) පැවසීය.

තමා එංගලන්තයේ රැකියාව කළ 2002 වකවානුවේ ගංජා මිටිය ලංකාවෙි රුපියල් එකසිය පනහකට ලංකාවේ අලෙවි වෙද්දී එංගලන්තයේ රුපියල් දෙදාස් පන්සියයක පමණ වටිනාකමකට අලෙවි වූ බව ද ඔහු සඳහන් කළේය.

ගංජා පිටරට යැවීම තුළින් විශාල ආදායමක් ලබා ගත හැකි බවත් ඒ සඳහා අවසර දීම පිළිබඳව තමන් සතුටු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna