Monday, October 28, 2024
Follow Us
ඇප ගත්ත පොඩි ලැසී වෙනුවෙන් ලොකු පාටියක් දාලා!

පාතාලයේ ප්‍රබලයකු වන පොඩි ලැසී නමැති අපරාධකරුට ඇප ලැබීම හා ඔහුගේ මවගේ උපන් දිනය සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක විශාල සාදයක් පවත්වා ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

මේ සාදය පවත්වා ඇත්තේ පසුගිය සතියේය.

ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වී ඇති බවද බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.

පොඩි ලැසී නමැති පාතාල අපරාධකරු රඳවා සිටින්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය.

ඔහුට ඇප ලැබී ඇතත් ඇප කොන්දේසි සපුරමින් තවමත් ඔහු බන්ධනාගාරයෙන් එළියට පැමිණ නැත.

සාදය පැවති දින පොඩි ලැසී විසින් බන්ධනාගාරයේ සිට නිකුත් කළ පණිවුඩයක්ද කියවා ඇති බව බුද්ධි අංශ කියයි.

පොඩි ලැසීගේ මවගේ උපන් දිනය වෙනුවෙන් එදින පවුම් 15ක රන් මාලයක්ද තෑග්ගක් ලෙස පලඳවා ඇති බවද බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මූලාශ්‍රය – දිනමිණ

Mirror