Monday, October 28, 2024
Follow Us
චාමික කොල්කටා සංචිතයෙන් ඉවතට

තවත් ක්‍රීඩකයින් සිව්දෙනෙකුත් කණ්ඩායමෙන් නිදහස් කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් නිදහස් කර තිබේ.

2023 තරගවාරය සඳහා චාමික ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කර ඇත.

ඒ අනුව පැට් කමින්ග්ස්, සිවම් මාවි, සෑම් බිලින්ග්ස් හා මොහොමඩ් නබී ද එළඹෙන තරගවාරයේදී නිදහස් කර ඇති අතර ඔවුන් එළඹෙන අයි.පී.එල්. වෙන්දේසියේදී යලිත් එම කණ්ඩායමට හෝ වෙනත් කණ්ඩායමකට ලබාගත හැක.

චාමික පසුගිය අයි.පී.එල්. වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට කොල්කටා කණ්ඩායම විසින් මිලදී ගත්තද ඔහු එහිදි කිසිදු තරගයකට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.

Aruna