Monday, October 28, 2024
Follow Us
කිරිපිටි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

කිරි පිටි බහාලුම් 15 ක් හරවා යවයි


ආනයන, අපනයන පාලකවරියගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරි පිටි බහාලුම් 15 ක් නැවත පිටත් කර හැරීමට සිදුව ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කොළඹ දී අද(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ලක්ෂ්මන් වීරසූරිය පැවසීය.

“අපිට පිට රටින් කිරිපිටි සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැව්ගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ රටට කිරි හිඟයක් ඇති වෙනවා. demurrage ලක්ෂ 40කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා,”

Aruna