Monday, October 28, 2024
Follow Us
අධිවේගයේ බස් වර්ජනයක

බස් ධාවනය කළ නොහැකි තත්ත්වයට පත්වෙයි


සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමඟ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසීය.

අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත් මේ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසියක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ඔහු වැඩිඩුරටත් සඳහන් කළේය.

Aruna