Monday, October 28, 2024
Follow Us
වසරක් තුළ අල්ලස් පැමිණිලි 1,800ක්

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන්


මෙම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,800කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, මෙම වසරේ පසුගිය ඔක්තෝබර් මස 31 වනදා වන විට පැමිණිලි 1,861 ක් අල්ලස් කොමිසම වෙත ලැබී ඇති බවය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 620කි.

මීට අමතරව වත්කම්වලට අදාළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 64ක් ලැබී ඇති බව සඳහන් කළ එම කොමිසම ලැබුණු පැමිණිලිවලට අදාළව වැටලීම් 50ක් පමණ සිදුකර ඇති බව සඳහන් කළේය.

අල්ලස් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි පිළිබඳව ආයතන මට්ටමින් පැමිණිලි 72කට අදාළව වාර්තා ද කැඳවා ඇති අතර තවත් පැමිණිලි 328ක් වැඩිදුර විමර්ශන සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව සඳහන්ය.

කොමිසම වෙත ලැබුණු පැමිණිලිවලින් අල්ලස් පනතට අදාළ නොවන පැමිණිලි 719ක විමර්ශන පැවැත්වීම අත්හිටුවා ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

Aruna