Monday, October 28, 2024
Follow Us
බස්නාහිර පළාතේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 25කට දියවැඩියාව

ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා. “දැනුවත්වීමෙන් අනාගතය රැකගමු” යන්න මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාවයි. ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට හදුනාගෙන ඇත්තේ සමස්ථ දියවැඩියා රෝගින්ගෙන් සියයට 50 ක ප්‍රතිශතයක් පමණක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික දියවැඩියා සංගමයේ සභාපති, දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක.

මෙරට වැඩිහිටි ජනගහණයෙන් සියයට 15 කට වැඩි ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්‍ෂණ මගින් අනාවරණ වි තිබෙනවා. ඒ අතරින් බස්නාහිර පළාතේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 25 කට වැඩි ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවටයි අනාවරණ වි ඇත්තේ.

දියවැඩියා රෝගයෙන් ආරක්‍ෂාවීමට ආහාර පාලනය ඉතා වැදගත් වන බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ජානක වන්නකු පෙන්වා දුන්නේ ඖෂධ භාවිතයට වඩා ආහාර පාලනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත හැකි බවයි.

 

Neth