Monday, October 28, 2024
Follow Us
වානේ කම්බි මිල පහළට

වානේ කම්බිවල නව මිල ගණන් මෙන්න


වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය සමයේ වානේ කම්බි විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර, ටොන් එකක් මිල 575,000ක් වූ බව අලෙවිකරුවන් පවසයි.

මේ වන විට වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2000කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,635කටයි.

මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 2,395 කට අලෙවි වේ.

මිලිමීටර් 16 වානේ කම්බියක නව මිල රුපියල් 4,325යි.

Aruna