Monday, October 28, 2024
Follow Us
ලබන වසරේදී රටේ සිටිය යුතු වෘත්තිකයිනුත් රට හැර යාමේ අවධානමක්

රජය විසින් ඉදිරියේදි පැනවීමට නියමිත ආදායම් බදු හේතුවෙන් රට තුල සිටිය යුතු වෘත්තිකයින් රැසක් රට හැර යාමේ අවධානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකොරල පැවසුවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් හා පරිගණක ක්ෂේත්‍රයේ පිරිස් ඵ් අතරින් ප්‍රමුඛ විය හැකි බවයි.

රජය විසින් ඉදිරියේදි පැනවීමට නියමිත ආදායම් බදු ක්‍රමය හරහා ඇතැම් පිරිස් සිය සැබෑ ආදායම සැගවීමේ අවධානමක් ද පවතින බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකොරල වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදි පැනවීමට නියමිත ආදායම් බදු ක්‍රමය හරහා අපේක්ෂිත අරමුණ ඉටු නොවීමේ හැකියාවක් ද පවතින බවයි.

Neth