Monday, October 28, 2024
Follow Us
ක්‍රිකට් ආයතනය ධනුෂ්කට ඇප ගන්න ඩොලර් හිඟාකනවා – චානක සේනානායක

වනිදු ලොකු මුදලක් දීලා


ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සදහා ලබන සදුදා යළිත් ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානි ආචාර්ය චානක සේනානායක පවසයි.

ඇප ලබාගැනීම සදහා ඩොලර් ලක්ෂ 2ක මුදලක් අවශ්‍ය වන බව ඔහු සදහන් කරයි.

එම මුදල් සොයාගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි වෙහෙසක් ගන්නා බවට වාර්තා වන බව චානක සේනානායක පැවසීය.

තමන්ගෙන් ද ඩොලර් 50000ක මුදල් සොයා ගැනීමට සම්බන්ධ වන ලෙසට ඉල්ලීමක් කළ බව චානක සේනානායක මාධ්‍ය වෙත පවසා තිබේ.

මට නම් මේක හිතාගන්නවත් බැරි වැඩක්. මෙච්චර මේ මිලියන ගාණක් තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලය ඩොලර් ලක්ෂ 2ක් හොයා ගන්න බැරිව එක එක්කෙනාගෙන් හිගාකනවා.
වනිදු හසරංග මේ සදහා ලොකු මුදලක් දීලා තියෙනවා.
ඇයි ක්‍රිකට් පාලක මණ්ඩලයට බැරි ඔවුන්ගේ සංචිත වලින් ටිකක් වියදම් කරන්න.

Aruna