Monday, October 28, 2024
Follow Us
රතු සීනි ගේන්න අවසර ඉල්ලයි

පිටකොටුවේ සීනි මිල ගණන් මෙන්න


රතු සීනි ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇත. දේශීය වශයෙන් රතු සීනි නිපදවූවත් එය ප්‍රමාණවත් නොවීම නිසා රතු සීනි ආනයනය කළ යුතු බව වෙළෙඳ ව්‍යාපාරිකයින් පෙන්වා දී තිබේ.

දැනට පැලවත්ත, සෙවණගල, හිඟුරාන සහ ගල්ඔය යන කර්මාන්ත ශාලාවල රතු සීනි නිෂ්පාදනය කෙරේ. මේ වන විට පිටකොටුවේ රතු සීනි කිලෝවක තොග මිල රුපියල් 310 ක් වන අතර සුදු සීනි තොග මිල රුපියල් 215කි.

මේ පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ ආහාර ප්‍රතිපත්ති කමිටුව හරහායි. දේශීය වශයෙන් වාර්ෂිකව රතු සීනි මෙට්‍රික් ටොන් අසූදහසක් නිෂ්පාදනය කෙරේ.

Aruna