Monday, October 28, 2024
Follow Us
කන්දකාඩු රැඳවියෙක් මියයයි

මියගිය රැඳවියා දින කිහිපයක් නිරාහාරව ඉදලා


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් ජීවිතක්ෂයට තිබේ.

පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලීසියට සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවයි.

දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් ඇත.

මෙලෙසෙ මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙකි.

Aruna