Monday, October 28, 2024
Follow Us
පවතින වැසි තත්ත්වය තවදුරටත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද දිනයේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

Aruna