Monday, October 28, 2024
Follow Us
ගුරු ඇඳුමට විසඳුම අන්තර්ජාලයෙන්

ගුරු ඇඳුම සම්බන්ධයෙන් නව තීරණය


ගුරු ඇඳුම සම්බන්ධයෙන් දිවයින පුරා සියලු ගුරුවරුන්ගේ මතය විමසීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ බොහෝ ගුරුවරුන් සුදුසු ඇඳුමක් ඇඳ සේවයට වාර්තා කිරීමට අකමැත්ත පළ කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් එම මත විමසුම සිදුකරන බවය.

අන්තර්ජාලය ඔස්සේ මෙම මත විමසුම සිදුකරන බව ඒ මහතා පැවසීය.

“බරපතළ විදියට අධ්‍යාපන පද්ධතියේ මන්ද පෝෂණය තියෙනවා. ළමයින්ට පොත් ගන්න ගියාම පොත් ගොඩ තුන්ගුණයකින් වැඩිවෙලා. විභාග රාජකාරී සඳහා ගුරුවරුන්ට ගෙවිය යුතු මුදල් ගෙවලා නෑ. සමස්ත අර්බුදය ගැන කතා කිරීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය තෝරගෙන තියෙන්නේ සාරියක් ගැන කතා කිරීම. ඒ කියන ගමන් කියනවා අපි වෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ නැද්ද අහනවා. අපි පැහැදිලිවම මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. ඒවා ගැන කිසිම කටයුත්තක් කළේ නෑ. මේ වනවිට ලංකා ගුරු සංගමය රට පුරා සමීක්ෂණයක් අපි ආරම්භ කරලා තියෙනවා ඔන්ලයින් සමීක්ෂණයක්. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරියන් මතය මොකද්ද කියන කාරණය. මත විමසුමක් කරන්න පෙළඹුණේ අමාත්‍යවරු කිව්වා ගුරුවරියන් 90%ක් අකමැතියි කියලා. අපිට අවශ්‍ය වුණා ඇමතිට පෙන්වන්න මේකට කොච්චර අය අකමැති ද කියන කාරණය.”

Aruna