Monday, October 28, 2024
Follow Us
මාතර බැංකු කළමනාකාරිණියක් ඝාතනය කෙරේ

කළමනාකාරිණියගේ සැමියා ප්‍ර‌දේශයෙන් පළායයි


හක්මන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී බැංකු කළමනාකාරිනියක් ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කැබලියපොල දකුණ සණස බැංකු කළමනාකාරිනියයි.

ඇයට මෙම තියුණු පහරදීම සිදුකර ඇත්තේ ඇගේ සැමියා විසිනි.

පහරදීමෙන් හිසට සහ ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාළ සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඇය හක්මන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර හක්මන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Aruna