Monday, October 28, 2024
Follow Us
මෙරට මත්පැන් ඉල්ලුම සියයට 40 කින් පහළට

මෙරට මත්පැන් අලෙවිය මේවනවිට සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත මත්පැන් මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් දා එළිදැක්වූ වාර්තාවකට අනුව මෙරට මත්පැන් පරිභෝජනය පහළ ගොස් ඇති බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවා. ඒ අනුව ලෝක මත්පැන් පරිභෝජනය අනුව ශ්‍රී ලංකාව මේවනවිට 80වන ස්ථානයේ පසුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට වසර කිහිපයකට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවුණේ 40වන ස්ථානයේයි. 2018 වර්ෂයේදී මෙරට ඒකපුද්ගල මත්පැන් භාවිතය ලීටර් 4යි දශම 1ක්. කෙසේවෙතත් අලුතින් නිකුත් කරන ලද වාර්ථාවලට අනුව මෙරට ඒකපුද්ගල මත්පැන් භාවිතය ලීටර් 2යි 8ක් දක්වා අඩු වී තිබෙනවා.

මත්පැන් පරිභෝජනය සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණීගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ ලැට්වියාවයි. එරට ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 13යි දශම 1ක්.

Neth