Monday, October 28, 2024
Follow Us
අධිවේගී ගාස්තු 50%කින් ඉහල දාන්න තීන්දු වෙලා!

ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ දිනවල මුදල් අමාත්‍යාංශ බලධාරීහු අධ්‍යයනය කරමින් සිටන බවද පැවසේ.

කෙසේවුවද, අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී අය කරන ගාස්තුව 50%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මේ හැර රජයෙන් නිවාස සැලසුම් අනුමත කිරීම සඳහා අය කරන ගාස්තුද, වෙනත් සේවා සැපයීම සඳහා අය කරන ගාස්තු ගණනාවක්ද මෙම මාසය තුළ ඉහළ දැමීමට සැලැසුම් කර ඇති බව පැවසේ.

රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 65% ක සිට 90% ක් දක්වා ඉහළ දැමීම පිණිස මෙම බදු සහ ගාස්තු පැනවෙන බව වාර්තා වේ.

කෙසේවුවද, ජීවන බර බදු ආදායම් ඇතුළු ශ්‍රී ලංකාව තුළ එකී මෙකී නොකී සියලු ගාස්තු වැඩි කිරීමත් සමඟ ලාංකිකයන් වැඩි පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණයවීම ඉහල ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

MIrror