Monday, October 28, 2024
Follow Us
ප්‍රියමාලිගේ හඬපටවලට නිලියන් 2ක් අත්අඩංගුවට!

තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ.

මෙම තැනැත්තියන්ගෙන් එක් අයකුගෙන් දැනටමත් රහස් පොලීසිය මූලික ප්‍රශ්න කිරීමක් සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලිගේ හඬපට ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ කරුණු අනුව එක්තරා ජනප්‍රිය නිළියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හඬපටවල ඇති අසභ්‍ය සංවාද සම්බන්ධයෙන් තමන්ට කිසිවක් මතක නැතැයි ඇය පවසා ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අතර දැනට මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාර්ගඵල ලාභියෙක් බව කියන බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙන් රහස් පොලීසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ප්‍රියමාලිගේ ඉල්ලීම අනුව එක්තරා ධනවත් ව්‍යාපාරිකයකු හමුවට ගොස් එහිමි ආවේශ වී (මායම් වී) ඔහු ළඟ ඇති කෝටි 75ක පමණ මුදලක් ප්‍රියමාලි ළඟ තැන්පත් කරන ලෙසත් එසේ නොකළහොත් ඔහුට මහත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් කියා බියට පත් කළ බවය.

ප්‍රියමාලිගේ රත්රන් පොලු ජාවාරමකට සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද සිරිසුමන හිමියන් ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන බව පොලීසිය පවසයි.

මේ අතර, මේවන විට තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිනක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධන නැමැත්තිය මේ ගනුදෙනු සඳහා සෘජුව සම්බන්ධ බව සොයාගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු සිදුව ඇත්තේ කොළඹ කොටුවේ ක්‍රිස් ගොඩනැඟිල්ලේ බවත් ඇයගේ ආයතනයට ඉන්දියාවෙන් මුදල් ලැබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

එසේම, ප්‍රිමාලිගේ ආයතනයේ සේවකයන්ට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුප් ලබා දී ඇති අතර, එම ආයතනයට මෙම මුදල් ලැබී ඇත්තේ කෙසේ දැයි මේවන විට පරීක්ෂණ සිදුකෙරෙන බවද වාර්තා වේ.

Mirror