Monday, October 28, 2024
Follow Us
ක්‍රීඩා පුහුණුව කාම ආශා නිවාගන්න අවියක් කරගෙන

ළමුන් 6 දෙනෙතු ලිංගික අපයෝජනය කළ ගුරුවරයෙක්


කැකිරාව ප්‍රදේශයේ පාසලක සිසුවියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කැකිරාව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

අදාළ සිසුවියන් හයදෙනා සම්බන්ධයෙන් දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණවල වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.

අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන එම සිසුවියන් හයදෙනා ක්‍රීඩා පුහුණුවීම් සිදුකරන අතරවාරයේ මෙලෙස ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබූ පැමිණිලි පිළිබඳ කැකිරාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය පිළිබඳ සිදුවන ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය විමසිල්ලෙන් පසුවන බව ද එම අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසුවේය.

Aruna