Monday, October 28, 2024
Follow Us
ඉන්ධන ගෑස් හිගයක් – පෝලිම් නැවතත්

මිල වැඩි වෙනකොට තෙල් හංගලා


ඉන්ධන මිළ ඉහළ යන විට ඉන්ධනහල් හිමියන් විසින් ඉන්ධන විශාල ප්‍රමාණවලින් ගබඩා කරගන්නා බවට අනුරාධපුර ජනතාව චෝදනා කරති.

එමෙන්ම ඉන්ධන මිල අඩු වීම්වලදි ඉන්ධන ගෙන්වීම නතර තොට ජනතාව රස්තියාදු කරන බවත් ජනතාව පවසති.

ඉන්ධන මෙන්ම ගෑස් පොලිම් ද මේ හේතුව නිසා වැඩි වී ඇති බව ඔවූන් ප්‍රකාශ කරති.

ගෑස් මිල රුපියල් 800 කින් අඩු වන බව දැනුවත් නිසා කිසිදු තැනකින් ගෑස් ඉල්ලුම් කර නොමැති බවත් අනුරාධපුරයේ මේ වනවිට ගෑස් සොයාගැනීමටවත් නොහැකි බවයි පාරිභෝගිකයෙක් කියා සිටියේ.

මෙලෙස ජනතාව පීඩාවට පත්කිරීම සම්බන්ධව ඉන්ධනහල් හිමියන්ට ජනතාව චෝදනා කරති.

Aruna