Monday, October 28, 2024
Follow Us
සිපෙට්කෝ වැසෙයි

දින තුනකට පිරවූම්හල් වලට ඉන්ධන නෑ


ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වීමට සිදුවූ බවය.

“දඬුවමක් වශයෙන් දින 3කට ඉන්ධන ලබාදීම අත්හිටුවීම නිසයි තෙල් හිඟය ඇති වෙලා තියෙන්නේ. හෙට විතර වෙද්දි බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙයි. දඬුවම් ක්‍රියාමාර්ගය නිසයි පාරිභෝගිකයින් අපහසුතාවට පත් වෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ විෂය භාර අමාත්‍යවරයාගේ තීන්දු තීරණ මෙම තත්ත්වය නිර්මාණය කළ බවය.

“ඇමතිවරයාගේ තීන්දු මේ තත්ත්වය නිර්මාණය කළේ. දින 3ක් ඇණවුම් නොකළොත් තෙල් දෙන්නේ නැහැ කියනවා. මේ සංචාරකයින් පැමිණෙන කාලය. තෙල් හිඟයක් පෙන්නලා සංචාරක කර්මාන්තය බිඳ වට්ටන්න හදනවාද කියලා සැකයි.”

Aruna