ගම්පොළ බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකවරයකුගේ අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවාටද කොවිඩ් වයිරසය ආසාදනය වී අතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.
එම දරුවා සහ දරුවාගේ මව කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බවද වෛද්‍ය තිලකරත්න පැවසීය.
පසුගිය 14 වැනිදා උපදේශකවරයාට වයිරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුලේ අටදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි.
එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්ර්රතිඵලවලට අනුව ඔහුගේ වයස අවුරුදු දෙකේ කුඩා දරුවාටද මෙම වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට මධ්‍යම පළාතෙන් සමස්ත ආසාදිතයන් දස දෙනකු වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)