පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන - පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ බස් සේවාව සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙ යෑම සඳහා මෙම පියවරයන් ගන්නා බවයි. රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපාංග ලබා දීමටත් පියවර ගනිමින් ඇති බවයි සඳහන් කෙරුණේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ රට වසා තැබූ කාලයෙන් පසු ප‍්‍රවාහන සේවා නැවත ආරම්භ කළ දිනයේ සිට දුම්රිය විෂබීජහරණ කටයුතු දෛනිකව කි‍්‍රයාත්මක කළ බවයි.
උප දුම්රිය ස්ථානවල නතර කෙරෙන දුම්රිය පමණක් විෂබීජහරණය කිරීම ඉකුත් කාල සීමාවේදී දෛනිකව සිදු නොවුණු බවත්, ඒ සඳහා ද ඉදිරියේදී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)