Wednesday, November 06, 2024
Follow Us
”නිවැරැදි තීන්දු නොගත්තොත් රට වහන්න වෙයි” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට යෝජනාවලියක්

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ දී ගත යුතු නිවැරදි තීන්දු තීරණ නොගතහොත් රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි.

එම නිසා එවැන්නකට රට නැවතත් පත්වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට අද (13දා) ලබා දෙන බවද හෙතෙම කීවේය.

(Lanka Leads)