රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි හමුදා නිළධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාල ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
මෙම හමුදා නිළධාරියා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට නිවසට යමෙන් පසු අවමංගල උත්සවයකට සහ දානමය පිංකමකට ද සහභාගි වී තිබේ. ඒ අනුව එම අවස්ථා දෙක සඳහා සහභාගි වූ 230 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
මේ අතර මෙම හමුදා නිළධාරියාගේ 11 හැවිරිදි දරුවා පසුගිය දිනවලදී උපකාරක පන්තියකට සහභාගි වී ඇති අතර මේ නිසා අදාල උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් 70 ක් ද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
මෙම හමුදා නිළධාරියා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට නිවසට යාමට පෙර අනුරාධපුර තිසාවැව පිහිටි සිය හමුදා කඳවුර වෙත පැමිණ ඇතත් ඔහු හමුදා කඳවුරට ඇතුළු වී නොමැති බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. මේ නිසා යුද හමුදා කඳවුර සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
(LNW)