Wednesday, November 06, 2024
Follow Us
කන්කාඩු මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා රෝගීන් 196ක් හඳුනා ගැනේ :

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 196 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊයේ දිනයේදී හඳුනා ගත් රෝගීන් 56 දෙනා සමග මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 252ක්.

එම ස්ථානයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් මේ වන විට ලැබී ඇති පරීක්ෂණ වාර්තා 338 කගේ ප්‍රථිපල අනුව මෙම රෝගීන් 252 වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ. පවතින තත්ත්වය මත එම ස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රවනතාවයක් පවතියි.

අදාළ කාලය තුලදී කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් පුනුරුත්ථාපනයට ලක් කොට පිටත්කර හරිනු ලැබූ රැඳවියන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ව PCR පරීක්ෂණ වලට ලක් කිරීමට සහ නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කොට පවතින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට දී දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මිට පෙර ඉකුත් මැයි මස 27 වෙනිදා රෝගීන් 150 දෙනෙක් සහ ඊට පෙර දින එනම් මැයි 26 වෙනිදා රෝගීන් 137 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වුයේ නාවික හමුදා වැලිසර කඳවුරේ රෝගී පොකුරෙන් සහ කුවේට් ඇතුළු විදේශ රටවලින් මෙරටට පැමිණි ලාංකිකයින් කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙනි.

(Neth)