Wednesday, November 06, 2024
Follow Us
බස් දුවන්න නං කිලෝමීටරයකට රුපියල් 10 ක දීමනාවක් ඉල්ලයි

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හමුවේ මේ වනවිට බස් කර්මාන්තය බරපතල ලෙස කඩාවැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ නිසා රජයෙන් යම් දීමනාවක් නොලැබෙන්නේ නම් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මගී ප්‍රවාහන බස් රථ සඳහා ධාවනය වන සෑම කිලෝමීටරයකටම රුපියල් 10 ක දීමනාවක් බස් සංගම් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඊයේ (09) ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් භාරදීමට කටයුතු කළ බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මගී බස් රථ සඳහා ආසන ගණනට පමණක් මගීන් නංවා ගැනීමේ නීතියක් හඳුන්වා දුන් අතර බස් සංගම් ඒ සඳහා දිගින් දිගටම විරෝධය පළ කළේය. ඔවුන් පෙන්වා දුන්නේ ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම ගැටලුවක් නොමැති වුවත් ඒ හරහා ලබන පාඩුව අවම කර ගැනීමට විශේෂ දීමනාවක් ලබාදිය යුතු බවයි.

(LNW)