පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වෑන්රථ කහ වර්ණය ගැන්වීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය ගත් තීරණය සම්බන්ධයෙන් පාසල් වෑන් රථ සංගම් විරෝධය පළ කරනවා.
අනතුරු වළක්වා ගැනීමේ අරමුණීන් පාසැල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වෑන්රථ මාර්ගවලදී සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (08) සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වෑන්රථ සංගම් සහ පොලිසියේ නිලධාරීන් සමග විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම එකගතාවට පැමිණ තිබුණා.
කෙසේවෙතත්, සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ආනයනය කෙරෙන වාහන සහ අලූතින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා එක්වන වාහන පමණක් කහ වර්ණ ගැන්වීමට මෙම සාකච්ඡාවේදී එකගතාව පළවූ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ සිය රථ කහ පාට ගැන්වීමට වඩා බරපතල ගැටලු රැසක මේ අවස්ථාවේ පවතින බවයි.
පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන වාහන බොහෝමයක් පෞද්ගලික රථවාහන බැවින් ඊට විකල්ප ක්‍රමයක් යොදාගැනීම සුදුසු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
(Neth)