2024 ජූලි මස 02 වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ.
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.
යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟවී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
2024 T 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය .
යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට පැවැති බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ගර (ආචාර්ය) සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා තවදුරටත් සඳහන් කළේ එම යාන්ත්‍රණය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
Tourism, Lands, Sports and Youth Affairs Minister Harin Fernando yesterday claimed that an election will be held on 5 October this year.
අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Page 15 of 538