Saturday, October 19, 2024
Follow Us
පොහොට්ටුවෙන් අද ගත් තීරණය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා  රට බෙදන චින්තනයේ සිටින  අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ  සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට  රැස්වූ බොහෝ දෙනාගේ අදහසවූ බවයි.

එසේම විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීමද මෙහිදී සිදුවූ බව සඳහන් කළ කාරියවසම් මහතා අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවද  සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ  කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීය.

පක්ෂයේ  ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

Lankadeepa