Wednesday, October 23, 2024
Follow Us
ආයෙත් මහබැංකුව නම් බෑ, රටේ පාලනයට නම් එන්න කැමතියි - අජිත් නිවාඩ්

නැවතත් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති වීමට නම් තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති මුත් රටේ පාලනයට පැමිණීමට තමන් කැමැත්තෙන් පසුවන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

එය දේශපාලනය හරහා සිදුවේවිද නිලධාරියකු වශයෙන් සිදුවේවිද යන්න අනාගතයේදී තීරණය කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

අද සියලුම පැතිවලින් රටේ ආර්ථිකය පිරිහෙන නමුත් එය යළි ගොඩගැනීමේ හැකියාව තමන් සතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (25) අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිපති හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

(LNW)