Wednesday, October 23, 2024
Follow Us
සජිත් වෙනුවෙන් අජිත් පී. මාරාන්තික උපවාසයකට සූදානමින් !

සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට බල කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා තීරණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

සතියක් තුළ සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකයා ලෙස නම් කරමින් ප්‍රශ්නය විසඳන ලෙස ඒ මහතා විසින් පක්ෂයට ලබාදුන් කාලය එළඹෙන අඟහරුවාදා, එනම් හෙට දිනයෙන් අවසන් වන අතර විසඳුමක් මෙතෙක් පෙනෙන තෙක් මානයේ නොමැති බැවින් එය තම කීර්තිනාමයට කැළලක් වීම හේතුකොට ගෙන මෙම තීරණයට ඒ මහතා එළඹ ඇති බවයි වාර්තා වූයේ.

ඒ අනුව බණ්ඩාරගම ආසනයෙන් දහ දහසකට අධික එජාප සාමාජිකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටට ගෙන්වා එහි වේදිකාවක් ඉදිකර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද මෙම මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්.

(LNW)