Wednesday, October 23, 2024
Follow Us
පාස්කු ප්‍රහාරයට ගෝඨාගෙන් ස්වාධීන කොමිෂන් සභාවක්!

සිය රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එපමණක් නොව රටේ සමස්ත ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැති නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නිවේදනයට ප්‍රතිචාර ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත.

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය,ඊට අනුග්‍රහය දැක් වූ අය,වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය,සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය,සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරදිකරුවන් වන අය නීතියේ ආධිපත්‍ය යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයත් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන ලෙසයි කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටියේ.

රට තුළ පැවති 30 අවුරුදු ත්‍රස්තවාදය වසර තුනක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ අයෙක් ලෙස මෙම කාරණයද හොඳින් වටහා ගෙන සිටින බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් දක්වන්නේ.

(LNW)