Wednesday, October 23, 2024
Follow Us
’’සජිත්ට දෙන්නෙම නෑ’’ - අගමැති දැඩි ස්ථාවරයක

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අර්බුදයක සිටින බව පෙනෙන්නට තිබේ. මෙම අපේක්ෂක අර්බුදය හමුවේ සජිත් ප්‍රේමදාස පාර්ශවයද සිය අපේක්ෂක මෙහෙයුම අඛණ්ඩව කරගෙන යනු දක්නට තිබේ. සජිත් ප්‍රේමදාසට සහය දක්වා මන්ත්‍රීවරු 55 දෙනෙකු අත්සන කරන ලද ලේඛනයක් අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇත. එය භාර ගන්නවා හැර ඊට වෙනත් ප්‍රතිචාරයක් දැක්වීමටද අගමැතිවරයා කටයුතු නොකළේය.

මේ අතර තවදුරටත් සජිත ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම දීම වෙනුවෙන් ඔහුගේ පිල මහත් වෑයමක පසුවෙයි.

දෙපැත්තට තුන්පැත්තට අපේක්ෂකයන් තෝරන අතර අගමැතිවරයා සිය හිතෛෂීන් කිහිපදෙනෙකු සමඟ අවධාරණය කර ඇත්තේ සජිත්ට නම් දෙන්නෙම නෑ යනුවෙනි.

සජිත් ප්‍රේමදාසට මෙම ජනාධිපතිවරණය මෙහෙයවා ගත නොහැකි බව දැනටම ඔහු පෙන්නුම් කර තිබෙන බව එහිදී අගමැතිවරයා පෙන්වාදී තිබේ. ජන හමු සහ ඔහුගේ ගම් උදා වැඩසටහන් වලදී ප්‍රකාශ කරන දෑ ඔහුගේ හැකියාවේ තරම පෙන්වන බවයි චික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

"සජිත් කියන්නේ මොන ගොබ්බයෙක්ද? මොනවද මේ යකා මේ කිය කිය යන්නේ. මෙහෙම මේ යකාට දිනන්න තියා හිතන්නවත් බැහැ."

යනුවෙන් අගමැතිවරයා සඳහන් කර ඇති බව සඳහන්.

එමෙන්ම පක්ෂයේ නිල අනුමැතියකින් තොරව අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් දැන් සජිත් ප්‍රේමදාසට හරහට හිට ඇති බව වාර්තා වෙයි.

"ඇති වෙනකම් දඟලපුවාවේ. ඔක්කොටම කලින් ඉස්සර වෙලා බැලුවේ වැඩේ ගන්න. තව ඉතින් කල් තියෙනවනේ."

ලෙස පවසා ඇති අගමැතිවරයා නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන ප්‍රතිවාදියා වන පොහොට්ටුවට අභියෝග කිරීමට තරම් දේශපාලන ඥානයක් සජිත් ප්‍රේමදාසට නොමැති බවයි.

(LNW)