Wednesday, October 23, 2024
Follow Us
ෆොන්සේකාගෙන් සජිත් පාර්ශ්වයට මල්ටි බැරල් ප්‍රහාරයක් !

පසුගිය 23 වනදා මාතරදී පැවති රැළියට සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂය කඩාකප්පල් කිරීමට උත්සාහ දරණ කල්ලියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

"ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරලා නෑ. සජිත් ප්‍රේමදාස තමන් විසින් තමන්වම පත් කරගෙන රැස්වීම් තිය තියා යනවා. දැන් ඒ රැස්වීම්වලත් ඔබතුමන්ලා දකින්න ඇති ඔක්කොම තරුණ, පොඩි මැති ඇමතිවරු තමයි කතා කරන්නෙ. ඒකෙන්ම තේරෙනවානෙ මේක ජාතික මැතිවරණ මට්ටමකට ඇවිල්ලා නෑ කියලා. මේක කල්ලියක් හැදිලා කරගෙන යන වැඩක්.

එජාපයේ විනය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඕක ඇතුලෙ කැකෑරි කැකෑරි තිබුණ ප්‍රශ්නයක්. 2014 සිරිකොතට ගල් ගහපු අවධියේදී ඉඳලා, ඒ ගල් ගහපු උදවිය තමයි දැන් මේ පාරත් ඔය ඉදිරියෙන් ඉන්නෙ.

එජාපය ව්‍යවස්ථානුකූලව තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ. එක පාරට බල තණ්හාව ඇවිල්ලා, රජ පුටු මතක් වෙලා ආර්යාව මතක් වෙලා කුලප්පු වුණොත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා.

සජිත් පියාගෙන් නැවතුණු ඉඳන් පටන් ගන්නවා නම් කොළඹ මැයි දිනෙන් නේ නැවතුනෙ. එතනින් පටන් ගන්නවෙයි. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

(LNW)