Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ තීරණාත්මක සාකච්ඡාවේ කරුණු ගැන අනාවරණයක්

එළඹෙන අඟහරුවාදා සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡා වටයක් ආරම්භ වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා.

එහිදී තීරණාත්මක කරුණු කිහිපයක් සහ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ. එහිදී රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල, කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බවද සඳහන් කළා.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව ද මහින්ද අමරවීර මන්තී‍්‍රවරයා සඳහන් කළා.

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී සෘජුව සාකච්ඡා සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි මහින්ද අමරවීර මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය සරත් අමුුණුගම හාරිස්පත්තුව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ "අපේ පක්ෂය ඉතාම ළඟින් වැඩ කරනවා පොහොට්ටුවත් එක්ක. ජනාධිපති තරඟයට අපේ තේරීම ගෝඨාභය රාජපක්ෂ. " යනුවෙනි.

(Neth)