Tuesday, October 22, 2024
Follow Us
International Affairs
  • එම ඉලක්කය කරා ළගාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරනවා – ජනපති ජගත් සමුළුව අමතමින් අවධාරණය කරයි.

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

International Affairs

ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසයි.

කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අගය කරන බව පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් සමුගත් තානාපතිවරයා සිහිපත් කළේය.

දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.

අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මෙම හමුවට එක්ව සිටියහ.

International Affairs
  • ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික වශයෙන් ශක්තිමත්වීම පිළිබඳ බංග්ලාදේශ අගමැතිනිය සිය සතුට පළ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

International Affairs

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව රුමේනියාවේ විදේශ අමාත්‍යවරිය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ.

International Affairs

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය.

International Affairs

President Ranil Wickremesinghe met Prime Minister Pushpa Kamal Dahal of Nepal yesterday (19) in New York on the sidelines of the 78th United Nations General Assembly.

International Affairs

“ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” වට මේස සාකච්ඡාවට ද ජනපති සහභාගි වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

International Affairs

President Ranil Wickremesinghe met with Sir Nick Clegg, President of Global Affairs for Meta, in New York on the side-lines of the United Nations General Assembly (UNGA).

International Affairs
  • දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය.
  • ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්.
  • දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක්.

ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.

International Affairs
  • දෙරට අතර ආර්ථික සබඳතා මෙන්ම ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට නායකයන්ගේ අවධානය.
  • ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ද ඉරාන ජනපති යෝජනා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

International Affairs

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කේ.ජේ. වීරසිංහ මහතා සහ ඇමරිකානු පාර්ශ්වයෙන් දකුණු සහ මධ්‍යම ආසියාවෙහි ඇමරිකානු එක්සත් ජාතීන්ගේ වැඩබලන සහකාර වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (Mr. Brendan Lynch, Acting Assistant United States Trade Representative for South and Central Asia) විසින් තාක්ෂණික මට්ටමේ රැස්වීමේ සම සභාපතිත්වය හොබවනු ලැබීය.

වෙළඳාම, ආයෝජන, රේගු, කම්කරු සබඳතා, බුද්ධිමය දේපළ, කෘෂිකර්මය සහ අනෙකුත් අදාළ නියෝජිතායතනවලට අයත් නිලධාරීන් මෙම නියෝජිත පිරිසට ඇතුලත් විය.

ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie J. Chung) සහ වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් රැස්වීම ආරම්භ කරමින් අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමට අදාළ කවුන්සිල රැස්වීමේදී, ආයෝජන පරිසරය කෙරෙහි බලපාන ප්‍රතිපත්ති, මෑතකාලීන කම්කරු නීති ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපල ආරක්ෂණය සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාම සඳහා පවතින තාක්ෂණික බාධක, ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපළ ප්‍රවේශය ද ඇතුළුව පුළුල් පරාසයක විහිඳුනු ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සම්බන්ධ ගැටළු පිළිබඳව දෙරට විසින්ම නැවත අවධානය යොමු කරන ලදී.

ඩිජිටල් ආර්ථිකය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය, මල් වගාව, බෝට්ටු තැනීමේ අංශ (boat building sectors) සහ පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණය හුවමාරු කිරීම සහ පර්යේෂණ වාණිජකරණයට අදාළ සහයෝගීතාවය සහ තාක්ෂණික සහාය පිළිබඳව දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) අනුමත කිරීමේදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශක්තිමත් හා විනිවිදභාවයෙන් යුතුව දූෂණ විරෝධී පියවර ක්‍රියාත්මක කිරීම දේශීය ආර්ථික වර්ධනයට උපකාරි වන බව ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇත.

යහපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී, ශ්‍රී ලංකාව තුළ වගවීම සහතික කිරීමටත්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටත් ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව, විසින් මෑත කාලයේදී යෝජනා කරන ලද දූෂණ විරෝධී අණ පණත් නීති පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කළ අතර අල්ලස් සහ සෑම ආකාරයකම දූෂණවලට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකානු රජයේ තාක්ෂණික සහාය සහ පුහුණුව ද ඉල්ලා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට සැල කර සිටියේ, සේවක අයිතිවාසිකම් සඳහා සහාය පළ කිරීමට වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීම බයිඩන්-හැරිස් පරිපාලනයේදී ප්‍රමුඛ අවධානය යොමු වන කරුණක් බවයි.

ශ්‍රී ලංකාව, දැනට ක්‍රියාත්මක කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තරව පිළිගත් කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වන ලදී.

කම්කරු නීති කෙටුම්පත් කිරීමේදී සියලුම පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබා ගැනීමේ මෙන්ම මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කම ද ඇමරිකා එක්සත් ජනපදය විසින් අවධාරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නීති ප්‍රතිසංස්කරණයේදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටි පිළිබඳව විස්‌තර කළේය. ශ්‍රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින කම්කරු නීති ප්‍රතිසංස්කරණ සංවර්ධනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයින් ප්‍රකාශ කරනු ලැබීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පවතින වෙළඳ බාධක අවම කිරීම දිරිමත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ගෘහස්ත වශයෙන් පවත්නා ඉල්ලුම සපුරාලීමට සත්ත්ව ආහාර වැනි නිෂ්පාදන යෙදවුම් (input products) ද ඇතුළත් වන විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන යටතේ ඇමරිකානු අපනයන සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් ලබාදෙන ලෙස එක්සත් ජනපදය කරුණු ඉදිරිපත් කළේය.
තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව වර්ධනය උදෙසා ජෛව තාක්ෂණවේද භාවිතයන් දියුණු කිරීමේ වාසි පිළිබඳව ද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් සාකච්ඡා කරනු ලැබීය.

කාබනික කුළුබඩු නිෂ්පාදන සහ සාන්ද්‍ර (concentrates) වැනි ඉහළ වටිනාකමකින් යුත් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් ද, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මෙන්ම ඇමරිකානු පාරිභෝගිකයන්ටද වාසිසහගත වන පරිදි ඇඟලුම්, රෙදිපිළි සහ සම් නිෂ්පාදන සඳහා වරණීය තීරු බදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ශ්‍රි ලංකා නියෝජිතයින් අවධානය යොමු කරන ලදී.
ද්විපාර්ශ්වික වෙළඳාම මෙන්ම නවෝත්පාදන ද ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් බුද්ධිමය දේපළ (IP) ආරක්ෂා කිරීමේ සහ බලාත්මක කිරීමේ වැදගත්කම දෙරටම තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව, බුද්ධිමය දේපල පිළිබඳ පනත සහ ඊට අදාළ අනෙකුත් නීති සංශෝධනය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මෙම ක්‍රියාත්මක වෙමින් පවතින බුද්ධිමය දේපල පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීම එක්සත් ජනපදය පිළිගනු ලැබූ අතර ධාරිතා සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ද දක්වන ලදී.

2024 දී පැවැත්වීමට නියමිත මීළඟ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි කවුන්සිල රැස්වීමට පෙර වෙළඳ ගැටළු සම්බන්ධයෙන් තිරසාර ප්‍රගතියක් ලබා ගැනීම සඳහා කැප වීමට ද දෙරටම එකඟ විය.

අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

International Affairs
  • ගෝලීය වසංගත, ආර්ථික කඩාවැටීම් සහ සම්පත් හිඟය තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම ප්‍රමාද කර තිබෙනවා – ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමින් පවසයි.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

International Affairs
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ අඛණ්ඩ සහාය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක් අද (18) අරලියගහ මන්දිරයේද පැවැත්විණි.