2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.
21 හැවිරිදි ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය සඳහා ඇයගේ විශ්වාසය, කරුණාව සහ කැපවීම සමඟ මෙම තරගාවලියේ දී කැපී පෙනුණු චරිතයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ඔපල් සුචතා චුංශ්‍රී, තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය. ඇය මහජන සේවයේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි. විශේෂයෙන් පියයුරු සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර නිතිපතා පරීක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන “ඔපල් ෆෝ හේර්” නම් ඇගේ ව්‍යාපාරය පිළිබඳව මෙම තරගයේ දී ඇය පැහැදිලි කළේය.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි. එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.