Tuesday, June 03, 2025
Follow Us
ජාතික බඳු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති  වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතකියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක වේ.

"බදු ශක්ති" නමින් මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර මහතා පසුගියදා පැවති මාධ්‍ය සාකඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති  වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතකියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.